ලි ය න්න ට සිතුනා කවක් - මට අපේ බිඳි පෙම් වත ගැන
බැඳෙන්නට තිබු නෑකමක් - ගිලිහුණා දෛවය විල සින
සි ත න්න ට ලද නෑ ඉඩක් - ගොළු වුනේ කිම ඔබ හද වෙණ
හි ඳි න්න ට හැක කාලයක් - යලි සොයා එයි නම් පිය මැන
පැ තු ම් සරු බිජු වැපිරුවේ - මල් පිපී හිනැහෙනු දකින්නයි
ගෙ තු ම් ලියකම් ඇමිණුවේ - පෙම් කුටිය කළ එලි කරන්නයි
සු පෙ ම් ගී පද මිමිණුවේ - දුර හැර ගිමන් පුබුදු වන්නයි
නොනිම් සෙනෙහස සිඳලුවේ - ඇගෙ රුවන් විමනෙහි රැඳෙන්නයි
උදා හිරු දැක පුබුදු වේවා - ලතා මත මල් සඳැල්ලේ
නඳා සමනල රැඟුම් දේවා - රැයේ දහවල මුළුල්ලේ
විදා සොම්නස පැතිර යේවා - වලාකුළු ලෙස නිදැල්ලේ
සදා කල් සෙනෙහස රැඳේවා - ඔබේ ආදර කැදැල්ලේ
---- ඉන්දු ලියනගේ ---- 25/7/2014.