Friday, 25 July 2014

බිඳුනු පෙම් වත


ලි ය න්න ට සිතුනා  කවක් - මට අපේ බිඳි පෙම් වත ගැන
බැඳෙන්නට තිබු  නෑකමක් - ගිලිහුණා දෛවය විල   සින
සි ත න්න ට ලද නෑ  ඉඩක් - ගොළු වුනේ කිම ඔබ හද වෙණ
හි ඳි න්න ට හැක කාලයක් - යලි සොයා එයි නම් පිය මැන

පැ  තු  ම් සරු බිජු   වැපිරුවේ - මල් පිපී හිනැහෙනු දකින්නයි
ගෙ තු  ම් ලියකම් ඇමිණුවේ - පෙම් කුටිය කළ එලි කරන්නයි
සු  පෙ ම්   ගී  පද     මිමිණුවේ - දුර හැර ගිමන් පුබුදු වන්නයි
නොනිම් සෙනෙහස සිඳලුවේ - ඇගෙ රුවන් විමනෙහි රැඳෙන්නයි

උදා  හිරු  දැක    පුබුදු  වේවා - ලතා මත මල්  සඳැල්ලේ
නඳා සමනල     රැඟුම්   දේවා - රැයේ දහවල    මුළුල්ලේ
විදා  සොම්නස  පැතිර යේවා - වලාකුළු ලෙස නිදැල්ලේ
සදා  කල් සෙනෙහස රැඳේවා - ඔබේ ආදර     කැදැල්ලේ

---- ඉන්දු ලියනගේ ---- 25/7/2014.

2 comments:

  1. සදා සමනළ රැඟුම් පැතුවත්, තටු සිඳුණු ඒ. ඇසිල්ලේ.
    විදා දෑතම රකිනු කෙලෙසද? තවත් ඔබ ඒ තුරුල්ලේ.

    ReplyDelete