කඩුපුල් පුදන්න මැදියම් රෑ කන්දෙ...........විහාරෙට
වදනින් නොකීව ඔය හිත දැනුනා..........අඩමානෙට
දෝතට දරාන ගෙන ආවත් බුදු හිමි..............ගාවට
කවුරුන් වඩාන ඒවිද?.නුඹ මං නැති............දාකට
ගිනි අවිය දරන් විමසිලි නෙත යොමද්දි.........වටපිට
මෙහි යනෙන දනා අතර නුඹේ වත එයි......මතකෙට
දිගු මෙහෙය නිමාවක සිනහව විඳගනු..........ලහියට
ඉබි ගමන මොකෝ හිතෙනව මේ ඔරලෝසුව.....මට
කිරි සුවඳ දෙන්න ආදරයෙන් පිරි පොඩි.......නිවසට
නුඹෙ තනි මැකෙන්න ගී ගයන්න දවස.......පුරාවට
පොඩි තොටිල්ල ගේ මැද තියන්න අපෙ හිත තිබුනට
නුඹ නුඹ නිසාම හඬයි අනේ හිත දෙන්නෑ ........මට
සරතැස නිවන්න සිනා පොදක් නගාන.........මුවගට
සුමියුරු තනුවක් ගයන්න නිදි යහන්.ගැ.......බේ සිට
මහ බරක් කියා හිතන්නෙපා කවදාවත්............මට
නුඹෙ දෑත දෙපා වෙන්නම් දිව් තිබෙන.......තුරාවට
--- ඉන්දු ලියනගේ --- 3/11/2014.
No comments:
Post a Comment