එදා ගං තෙර සුසුදු වැල්ලේ තුරු ලතා පිපි මල් දළූ
විදා හැමු මුදු සුළං රැල්ලක ගෙනා සීතක් ගත පෙළූ
බදා ගෙන පපු තුරට ලං කර අතුරලා උණුසුම් සළූ
සදා දුන් ඔය හදේ සෙනෙහස ගියාදෝ අද වී ගොළූ
මුදා ගන්නට තවත් බැහැ සිත නැඟෙන සිතිවිලි නුඹ කෙරේ
හදා දෙන්නට එකම සැරයක් ඇවිත් යනවද පින් පිරේ
සදා ඉන්නට සුරත් මලක'ව පැතුම් පිරුවත් දිවි තෙරේ
යොදා දුන්නට විසැති හීයක් නුඹෙන් මිදුනා අඬ'ඳුරේ
හඬා වියැළුණු සෙනෙහෙ කතරට අරා එයි නම් දියවර
විඩා සිඳුවා කටොර බිම මත පිපේ සුවඳැති ඉඳුවර
වඩා හිඳුවනු නොහැකි නම් මා ඔබේ සුවිසල් පුරවර
දොඩා වදනක් යන්න සුවදෙයි හතක් සවනට බණවර
No comments:
Post a Comment